උතුරේ කුරුඳු වගා ව්‍යාපෘතිය සාර්ථකයි

පෙබ 25, 2020

    ආදර්ශ වගාවක් ලෙස උතුරු පළාතේ ප්‍රථම වරට සිදුකළ කුරුඳු වගා ව්‍යාපෘතිය සාර්ථක වී තිබේ.

    එම පළාත පුරා ව්‍යාප්ත කිරීමටයි, පියවර ගෙන තිබෙන්නේ. උතුරු පළාතේ දේශගුණික තත්වය මත මෙතෙක් කලක් කුරුඳු වගාවක් සිදුකර නොමැත. නමුත් ආදර්ශ වගාවක් ලෙස වව්නියාව බෝගස්වැව හා කිලිනොච්චි ප්‍රදේශවල මීට වසර දෙකකට පෙර කුරුඳු වගාව ආරම්භ කෙරිණ. එය ඉතා සාර්ථක වී ඇති අතර එහි නිෂ්පාදන අවස්ථා දෙකක දී වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

    ඒ අනූව, උතුරු පළාත ද කුරුඳු වගාවට සුදුසු කාලගුණික හා පාරිසරික තත්වයක් පවතින බවට තහවුරු වී තිබේ. මෙම තත්වය මතයි උතුරු පළාතේ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 10:08

    Latest News