කඩොලාන විනාශකළ අනවසර ඉදිකිරීමක් වටලයි

පෙබ 25, 2020

    මීගමුව කලපුව ආශ්‍රිතව පිහිටා ඇති කඩොලාන විනාශ කරමින්, ඉදිකරමින් තිබූ අනවසර ඉදිකිරීමක් වැටලීමට දුන්ගාල්පිටිය පොලීසිය සමත්ව තිබේ.

    මීගමුව,තලාහේන ප්‍රදේශයේ කලපු ඉවුරේ මෙම අනවසර ඉදිකිරීම සිදු කරමින් තිබියදීයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ. මීගමුව කලපුව ආශ්‍රිතව පිහිටි ස්වාභාවික ශාක පද්ධතිය විවිධ අයුරින් විනාශ කරමින් මෙවැනි අනවසර ඉදිකිරීම් සිදු වෙමින් පවතියි.

    මිනිස් වර්ගයාගේ පැවැත්ම සඳහා ද මෙම කඩොලාන ශාක පද්ධතිය අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් මිනිසාගේ මැදිහත්වීම මත මෙම ශාක පද්ධති හොර රහසේ ඉවත් කෙරෙන අතරම, එම භූමියේ අනවසර ඉදිකිරීම් ද සිදු කෙරෙයි. මෙවැනි අනවසර ඉදිකිරීමකුයි දුන්ගාල්පිටිය පොලීසිය විසින් වටලනු ලැබුවේ. එම අනවසර ඉදිකිරීම පොලීසිය මැදහත්ව වහාම නතර කළ අතර වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 09:13

    Latest News