විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

මැයි 27, 2024

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා.

    මෙම නඩුව අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
     
    තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරු වරයා වෙත යොමු කරන බව දිසා විනිසුරු විතාන මහතා නියෝග කළා.
     
    ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරු වරයා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා.
     
    එහිදී මෙම නඩුවට අදාල විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
     
    ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කළා.
     
    අමාත්‍යවරුන් වූ ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන මහත්වරු විසින් මෙම නඩුව ගොනු කර තිබූණා. 

    Latest News