රථවාහන තදබදය අවම කිරීමට පොලිස් හේවා බලකායේ සාමාජිකයන් යෙදවීමට පියවර

පෙබ 24, 2020

    රථවාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සාමාජිකයන් රාජකාරියේ යෙදවීමට රජය පියවර ගෙන තිබේ.

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය හා එක්ව නව වැඩසටහන ක්‍රියාත්මකයි. කොළඹ නගරයට රථවාහන පිවිසෙන හා පිටවෙන ස්ථානවලට අද උදේ සිට යුද හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් යොදවනු ලැබීය. නාගරික ජනාකීර්ණ ස්ථාන ආවරණය වන පරිදි සෑම දිනකම උදේ 6.00ත්, 10.00ත් අතර සහ සවස 4.00ත් 7.00ත් අතර කාලයේ ඔවුන් සේවයේ යෙදවීමට නියමිතයි. මීට අමතරව ශ්‍රී ලංකා පොලිස් සේවා බලකායේ මෝටර් රථ හා යතුරු පැදි 05ක් මාර්ග තදබදය නිරීක්‍ෂණය සහ විකල්ප මාර්ග භාවිත කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට යොදවා ඇතැයි ද යුද හමුදා මූලස්ථානය පවසයි.

    Latest News