යුද්දෙට යන රොබෝ බව්වා

මැයි 29, 2024

    චීනය සිය නවීන යුධ ශක්තිය ප්‍රදර්ශනය කරමින් මැෂින් තුවක්කු වෙඩි තැබීමේ හැකියාව ඇති රොබෝ සුනඛයන් ප්‍රදර්ශනය කළා.

    චීනය සහ කාම්බෝජය විසින් මෙම මස මුලදී පවත්වන ලද හමුදා පුහුණු අභ්‍යාසයකදී මෙම දුරස්ථ පාලක රොබෝවරු එළිදක්වා තිබෙනවා.

    බැටරියෙන් ක්‍රියාත්මක වන රොබෝඩෝග්ට පැය දෙකත් හතරත් අතර කාලයක් ස්වාධීනව ක්‍රියා කළ හැකි අතර ඉදිරියට සහ පසුපසට ගමන් කිරීමට, වැතිරීමට සහ පැනීමට හැකියාව තිබෙනවා.

    මීට අමතරව මාර්ග සැලසුම් කිරීමටත්, ඉලක්ක වෙත ළඟා වීමටත්, බාධා මඟහරවා ගැනීමටත් ඔවුන‍ට හැකියාව තිබෙනවා.

    මෙම රොබෝ සුනඛයන් නාගරික සටන් මෙහෙයුම්වල නව සාමාජිකයන් ලෙස සේවයට යොදවනු ඇති බවත් ඉලක්ක හඳුනාගෙන පහර දීමේදී මිනිස් සොල්දාදුවන්ගේ භූමිකාව රඟ දක්වනු ඇති බවත් චීන හමුදා ආරංචි මාර්ග පවසනවා.

    රොබෝ සුනඛයන් නිෂ්පාදකය කරනු ලබන්නේ චීනයේ Unitree සමාගම වන අතර Unitree වෙබ් අඩවියේ ඇති රොබෝ සුනඛයන්ගේ මිල ඩොලර් 2,800 ත් 100,000 ත් අතර වනවා.

    Latest News