ලෝක කුසලානය පේන මානයේ කොදෙව්වන්ට තරගාවලි ජයක්

මැයි 27, 2024

    දකුණු අප්‍රිකාව සමග පැවැත් වුනු තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ සියලු තරග ජය ගන්නට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් වුනා.

    ඊයේ කිංග්ස්ටන් හි සබීනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු තෙවැනි තරගයෙන් කඩුලු 8ක ජයක් කොදෙවුවන්ට හිමි වුනා.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ද. අප්‍රිකාව ලබා ගත්තේ ලකුණු 163/7 (20 Ov) ක් පමණයි. නායක වැන් ඩර් ඩූසන් ලකුණු 51ක් ලබා ගත්තා. ඔබෙඩ් මැකොයි කඩුලු 3ක් දවා ගත්තා.

    වේගවත් පිළිතුරක් ලබා දුන් කොදෙව්වෝ පන්දු වාර 13.5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා. ජොන්සන් චාර්ල්ස් පන්දු 26 කදී ලකුණු 69යි.

    තරගයේ වීරයා ‍ජොන්සන් චාර්ල්ස්. තරගාවලියේ වීරයා ගුඩාකේෂ් මොටී.

    Latest News