චේස් ගෙන් තුන් ඉරියව් දස්කම්, ද. අප්‍රිකාව පරදා කොදෙව්වන්ට තරගාවලි ජයක්

මැයි 26, 2024

    දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ ජය කොදෙව්වන් සතු වුන‍ා.

    ප්‍රථම තරගය ලකුණු 28 කින් ‍කොදෙව් ක්‍රීඩකයින් ජය ගත්තා.

    දෙවන තරගය පැවැත්වුණේ ජැමෙයිකාවේ කිංග්ස්ටන් හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ. පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 207 ක් රැස්කළා. රොස්ටන් චේස්, නොදැවී ලකුණු 67 යි. පන්දු යැවීමේදී, ලුන්ග් එන්ඩිනි, ඇන්ඩින් පෙලුක්වායෝ සහ කබායොම්සි පීටර් කඩුලු දෙක බැගින් බිඳහෙලුවා.

    පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 191 ක් පමණයි. ක්වින්ටන් ඩිකොක් ලකුණු 41 යි. ගුඩාකේෂ් මොටී කඩුලු 3ක් දවා ගත්තා. ‍තරගයේ වීරයා රොස්ටන් චේස් 67* (38) 1/26.

    Latest News