80 වසරකට පසු හමුවූ ඉපැරණි සබ්මැරීනය

මැයි 25, 2024

    එක්සත් ජනපද නාවික හමුදාව, ‍දෙවැනි ලෝක යුද සමයේ භාවිත කර ඇති ඉපැරණි සබ්මැරීනයක සුන්බුන් සොයා ‍ගෙන තිබෙනවා.

    සතුරු හමුදා විසින් ගිල්වා දමන ලද මෙම සබ්මැරීනයේ සුන්බුන් දකුණු - චීන මුහුදු පත්ලේ තිබී සොයා ගෙන ඇත්තේ, වසර 80 කට පසුවයි. ‍එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මෙම "යු එස් එස් හාඩර්" නැමති සබ්මැරීනය, දෙවැනි ලෝක යුද සමයේ දී ජපාන යුද නෞකා වැඩිම ප්‍රමාණයක් ගිල්වා දැමීමට සමත් වූ බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම සබ්මැරීනය, 1944 වසරේ අගෝස්තු 29 වැනිදා සතුරු හමුදාවන්ගේ ප්‍රහාරයට ලක්ව, 79 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ද සමග මුහුදු පත්ලේ සැඟව ගියා.

    පිලිපීනයේ උතුරු දිග "ලූසොන්" දූපතට ඔබ්බෙන් අඩි 3,000 ක ගැඹුරු මුහුදු පත්ලේ තිබී එම සබ්මැරීනයේ සුන්බුන් හමුවූ බවයි, වාර්තා වන්නේ. දෙවැනි ලෝක සංග්‍රාමයේදී අහිමි වූ එක්සත් ජනපද සබ්මැරීන 52 ක් සොයා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ලොස්ට් ෆිෆ්ටි ටූ නමැති ව්‍යාපෘතිය යටතේ මෙම හාඩර් සබ්මැරී‍නයේ සුන්බුන් සොයා ගත් බව, එක්සත් ජනපද නාවික හමුදාව පවසනවා. දෙවැනි ලෝක යුද සමයේ දී දරුණුතම සටන් පැවති පැසිෆික් සාගර කලාපයට අයත් ප්‍රධාන යුද ප්‍රදේශයක් ලෙසයි, පිලිපීනය සැලකෙන්නේ.

    Latest News