වැස්ස බිමට එළවළු අහසට

මැයි 28, 2024

    ‍පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග වෙළෙඳපොළේ එළවළු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

    සාමාන්‍ය වෙළෙඳපොළේ බෝංචි රුපියල් 890 කටත්, කැරට් රුපියල් 360 ක පමණ මිලකටත්, ගෝවා රුපියල් 240 කටත්, තක්කාලි රුපියල් 240 කටත්, සලාද කොල රුපියල් 1700 කටත්, වම්බටු 400 කටත්, ලීක්ස් 350 කටත්” කරවිල 630 කටත්, වැටකොලු 400 කටත්, දඹල 650 කටත් අමුමිරිස් රුපියල් 500කටත් කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබෙන බවයි අප වාර්තා කරු පවසන්නේ.

    කොළඹ මැනිං වෙළදපොලේ තොග මිල බෝංචි රුපියල් 600කටත්, කැරට් රුපියල් 170කටත්, ගෝවා රුපියල් 80කටත්, තක්කාලි රුපියල් 130 කටත්, වම්බටු රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල 100 කටත්, අමුමිරිස් රුපියල් 200 කටත් කිලෝව සිල්ලරට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසනවා.

    මේ අතර වෙළඳපොලේ දෙහි සහ අමු ඉඟුරු මිළ තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසනවා.

    ඒ අනුව වෙළඳපොලේ දෙහි කිලෝවක මිල රුපියල් 2000 කටත්, අමු ඉගුරු කිලෝවක මිල රුපියල් 3,800ත් 4,200 ත් අතර අධික මිලක පවතින බවත් පාරිභෝගිකයෝ සඳහන් කරනවා.

    වර්ෂාව හේතුවෙන් එළවළු ඵලදාව විනාශවීම මෙම මිල ඉහළ යාමට හේතුවී ඇති බව වාර්තා වන්නේ.

    මේ අතර මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල ශීඝ්‍ර ඉහළ ගොස් තිබෙනවා.අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධීවර කටයුතුවල යොමු නොවීම මත්ස්‍ය මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයේ පවසන්නේ.

    01

    Latest News