දින 3ට ලක්ෂ 3ක් අඳුරේ

මැයි 23, 2024
    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ පාරිභෝගිකයින් 300,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
    විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900ක් ද ඒ අතර වාර්තා වී ඇති බවයි, සිය නිල X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
    එම බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත් විදුලිය බිඳ වැටී ඇති ස්ථානයන්ට ඉදිරි පැය 24 තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
    මේ අතර විදුලි පාරිභෝගිකයින්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලි විසන්ධි වීම් පිළිබඳ දැනුවත් කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා තිබෙනවා.
     
    7
    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 11:43

    Latest News