රාජගිරිය ගින්න මැඩපවත්වයි

පෙබ 25, 2020

    රාජගිරිය, බුත්ගමුව ප්‍රදේශය ආශ්‍රිත වගුරුබිමක හටගත් ගින්නක් කෝට්ටේ මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ගුවන් හමුදාව එක්ව මැඩපවත්වා තිබේ.

    ගින්න හටගෙන ඇත්තේ අද උදේ 11.00 පමණ. එම අවස්ථාවේ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ මගින් ගින්න නිමා දැමීමට උත්සහ කෙරුණද, එම ස්ථානයට ළඟාවීම අපහසු වී තිබේ. පසුව බෙල් 212 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගනු ලැබීය. ගින්න හටගත් ස්ථානයේ බැරල් කිහිපයක් දක්නට ලැබෙන අතර, කිසියම් නීති විරෝධි කටයුත්තක් එහි සිදුව ඇද්ද යන්න පිළිබඳව වැලිකඩ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

    Latest News