හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යන්න

මැයි 27, 2024
    උතුරු බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති රීමල් සුළි කුණාටුව අද (27)උදෑසන කාලයේ දී බංග්ලාදේශය සහ ඊට යාබද ඉන්දියාවේ බටහිර බෙංගාල වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුලු වී තිබෙනවා.

    එම නිසා දැනට මෙම මුහුදු ප්රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩ බිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන ලෙස දැනුම් දෙනවා.

    එමෙන්ම, නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්රදේශයට යාත්රා නොකරන ලෙස ද නාවික හා ධීවර ප්රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
    පවතින සක්රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා දිවයින වටාවන මුහුදු ප්රදේශවලත් අරාබි මුහුදු ප්රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්රදේශවලත් තවදුරටත් ඉතා තද සුළං (පැ.කි.මි 60 - 70 ) සමගින් තද වැසි පැවතිය හැකියි.
     
    එමෙන්ම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
     
    679

    Latest News