යුක්රේනයට යූරෝ බිලියනයක යුධ ආධාර

මැයි 28, 2024

    යුක්‍රේනයට මෙම වසර තුළදී යුද ආධාර ලබාදෙන බවට ස්පාඤ්ඤය ප්‍රතිඥා දී තිබෙනවා.

    එහි වටිනාකම යුරෝ බිලියන එකක් ලෙසයි දැක්වෙන්නේ.

    රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආරක්‍ෂා වීම සඳහා සිය හමුදාවට තවදුරටත් යුද ආධාර අවශ්‍ය බව යුක්‍රේන ජනාධිපති වො‍ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ස්පාඤ්ඤයේ “මැඩ්රිඩ්” අගනුවර දී ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස් සමග යුක්‍රේන ජනාධිපතිවරයා ආරක්‍ෂක ගිවිසුමකට ද එළඹුණා.

    ඊයේ පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් කියා සිටියේ, මෙම ආරක්‍ෂක ගිවිසුම යටතේ යුක්‍රේනය වෙත යුරෝ බිලියන 1 ක යුද ආධාර ලබා දීමට පියවර ගන්නා බවයි.

    එමෙන්ම මෙම ගිවිසුම මගින් ඉදිරි දශකය ආවරණය වන පරිදි, ගොඩබිම්, ගුවන් සහ නාවික ඇතුළු යුක්‍රේන යුද කණ්ඩායම්වලට අවශ්‍ය නවීන යුධෝපකරණ සැපයීමට මෙන්ම යුක්‍රේන ආහාර ද්‍රව්‍ය අපනයනය සඳහා මුහුදු මාර්ග ආරක්‍ෂා කිරීමට ද අපේක්‍ෂා කෙරෙනවා.    

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2024 18:38

    Latest News