රුසියානු ප්‍රහාර මොට කරන පීකි බ්ලයින්ඩර්ස් ඩ්‍රෝන්

මැයි 26, 2024

    කාකිව් වෙත එල්ලවන දැවැන්ත රුසියා ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා යුක්රේනය විසින් ස්මාර්ට් මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.

    කාකිව් හි ලිප්සි ගම්මානයේ සැඟව සිටින යුක්රේන ඩ්‍රෝන කණ්ඩායමට බටහිර ප්‍රදේශයේ ක්‍රියාන්විතයේ යෙදී සිටින යුක්රේන විශේෂ බලකාය මගින් පුහූණුව ලබා දී තිබෙනවා.

    මෙම කණ්ඩායම පීකි බ්ලයින්ඩර්ස් නමින් හඳුන්වන අතර එයට නායකත්වය සපයන ඔලෙක්සැන්ඩර් යුද්ධයට පෙර මෙම ප්‍රදේශයේ ස්ට්‍රේබෙරි වගාකරුවෙක්. නමුත් දැන් ඔහුට සිදුව ඇත්තේ බෝම්බ වගා කිරීමටයි.

    අධි තාක්‍ෂණික උපක්‍රම භාවිතයෙන් මිල අඩු, මහා පරිමාණයෙන් නිපදවන කුඩා ඩ්‍රෝන භාවිතා කරමින් මේ වන විට පීකි බ්ලයින්ඩර්ස් කණ්ඩායම විසින් රුසියානු සොල්දාදුවන් 100 කට වැඩි ප්‍රමාණයක් එලොව යවා හෝ තුවාල සිදු කර ඇති බව වාර්තා වනවා.

    Latest News