මහ බැංකු ගොඩනැගිල්ලෙන් ඇදවැටී පිරිමි ළමයෙකු මරුට

පෙබ 25, 2020

    අවුරුදු 16ක පිරිමි ළමයෙකු අද(25) සවස කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඉහළ මහලයකින්‌ ඇදවැටී මියගොස්‌ තිබේ.

    කොටුව පොලිසිය ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්‌ කරයි.

    අද සවස 3.15ට පමණ මෙම අනතුර සිදුව තිබෙන අතර මහේස්ත්‍රාත් පරීක්‍ෂණයෙන්‌ පසු පශ්චාත්‌ මරණ පරීක්‍ෂණය සඳහා මළ සිරුර කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යාමට නියමිතයි. මෙය, දිවි හානි කර ගැනීමක්‌ බවයි, වාර්තා වන්නේ.

    Latest News