ජොෆ්රා ශක්තිමත්ව නැවත පැමිණෙයි - බට්ලර්ගේ වේගවත් ඉනිම එංගලන්තයට ජය ගෙනෙයි

මැයි 26, 2024

    එංගලන්තය සහ පකිස්තානය අතර තරග 4කින් සමන්විත 20-20 තරගාවලියේ දෙවන තරගය ඊයේ අවසන් වූයේ සත්කාරක එංගලන්තයට ලකුණු 23 ක ජයක් හිමි කර දෙමින්.

    බර්මිංහැම් හිදී පැවැත්වුනු තරග‍යේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දු වාර 20 අවසානයේ ලකුණු 183ක් රැස් කළා.

    නායක බට්ලර් පන්දු 51කදී ලකුණු 84යි. ෂහීන් අෆ්රිඩී කඩුලු 3ක් දවා ගත්තා.

    ලකුණු 184 ක ඉලක්කයක් හඹා ගිය පකිස්තානයට පන්දු වාර 19.2ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි. ෆකර් සමන් ලකුණු 45ක් ලබා ගත්තා.

    රීස් ටොප්ලි කඩුලු 3ක් දවා ගත්තා. පාදයේ ආබාධය සුව වීමෙන් පසු පිටියට පිවිසි ජොෆ්ර ආචර් කඩුලු 2ක් දවා ගත්තා. තරගයේ වීරයා ජොස් බට්ලර්.

    Last modified on ඉරිදා, 26 මැයි 2024 11:21

    Latest News