ගුරු - විදුහල්පති, අද ලෙඩ නිවාඩු (වීඩියෝ)

පෙබ 26, 2020
  • ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති 30ක් අද (26) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

    සිය වැටුප් විෂමතා ඇතුළු ගැටළු 6ක් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ කළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් රූනිවස් වෙත සඳහන් කළේ.

    මේ අතර අද පෙරවරුවේ බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට අධ්‍යාපන අමාත්‍යංශය වෙත පාගමනකින් පැමිණ උද්ඝෝෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

    මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ මරදාන සමාජ හා සාමයික කේන්දයේ දී පැවැත්විණ.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 20:18

    Latest News