සති දෙකට සුඩානයේ සිදුවූ භයානක වෙනස

මැයි 27, 2024

    සුඩානයේ සිවිල් යුද්ධයෙන් සති දෙකක් තුළ සිවිල් වැසියන් 970 දෙනෙකු මියගොස් ඇතැයි, ජාත්‍යන්තර මානුෂිය සංවිධානය පවසනවා.

    ඊයේ පමණක් ඩාර්ෆූර් කලාපයේ "එල් ෆාෂර්" නගරයේ රෝහලක දී 130 දෙනෙකු පමණ මියගිය ගොස් තිබෙනවා.

    මෑතක සිට සුඩානයේ සිවිල් යුද්ධය දරුණු වී තිබෙනවා. ඒ, එල් ෆාෂර් නගරයේ බලය අත්පත් කර ගැනීම සඳහායි. ගැටුම් හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනයා තම ගම්බිම් අතහැර පලා ගොස් ඇති අතර, විශාල පිරිසක් මියගොස් තිබෙනවා.

    සුඩානයේ ඩාර්ෆූර් කලාපයේ දැඩි අහාර හිඟයක් පවතින අතර සාගින්න හේතුවෙන් මරණ රැසක්ද වාර්තා වුණා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ, සුඩානයේ සිවිල් යුද්ධය ඉතා දරුණු තත්වයට පත්ව ඇති බවයි.

     

    Latest News