ක්‍රිකට් ලොවට අමෙරිකාවෙන් රතු එළියක්

මැයි 26, 2024

    බංග්ලාදේශය සමග පැවති 20 -20 ක්‍රිකට් තරගාවලිය, තරග 2-1 ක් ලෙස ජයගැනීමට අමෙරිකාව සමත් වුණා.

    ටෙස්ට් වරම් දිනූ රටකට එ‍රෙහිව අමෙරිකාව ජයගත් පළමු 20 -20 තරගාවලිය මෙයයි. තරගාවලියේ තෙවන තරගය පැවැත්වුණේ අමෙරිකාවේ හූස්ටන් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකාව, පන්දු වාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 104 ක් රැස්කළා.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මුෂ්ටෆර් රහමාන්, කඩුලු 6 ක් දවාගත්තා. පිළිතුරු ලෙස බංග්ලාදේශය තරගය ජයගත්තේ පන්දු වාර 11 යි, පන්දු 4 කදී කිසිවෙකු නොදැවී ලකුණු 108 ක් රැස්කරමින්. ටන්සිඩ් හසන් නොදැවී ලකුණු 58 ක් සහ සෞම්‍ය සාකර් නොදැවී ලකුණු 43 ක් රැස්කළා.

    Latest News