ගෝල්ෆ් තරුව බිලිගත්තේ කොවිඩ් මාරයාද ?

මැයි 26, 2024

    අමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක ග්‍රේසන් මරේ ඊයේ සිය දිවියට සමුදුන්නා.

    මිය යන විට ඔහු 30 වැනි වියේ පසු වුනා.

    මරණයට හේතුව තවමත් නිශ්චිතව අනාවරණය නොවුනත් පසුගිය දින වලදී ඔහුට කොවිඩ් 19 වෛරසය වැළඳී එයට ප්‍රතිකාර ලබා තිබෙනවා. නමුත් ඔහුගේ සමීපතමයන් පවසන්නේ ඔහු වැක්සීන් ලබා ගෙන ඇති බවත් මරණය කොවිඩ් 19 වෛරසය නිසා සිදු වූ බවට පැතිර යන කතා අසත්‍ය බවයි.

    පසුගිය සිකුරාදා චාල්ස් ෂ්වාබ් කුසලානය වෙනුවෙන් ඇරිසෝනාහි පැවැත්වෙන තරගයකට ක්‍රීඩා කරමින් සිට ඇති මරේ සිදුරු 16ක් ක්‍රීඩා කිරීමෙන් පසු තරගය අතරතුර රෝගාතුර වීම හේතුවෙන් තරගයෙන් ඉවත් වී තිබෙනවා.

    PGA ටුවර් ඉසව් දෙකක් දිනා ඇති ග්‍රේසන් මරේ (2017 බාර්බසෝල් ශූරතාව සහ 2024 හවායි හි සෝනි විවෘත ශූරතාවය) අමෙරිකාවේ නැගී එන ගෝල්ෆ් තරුවක් ලෙස එරට ක්‍රීඩා ලෝලීන් හඳුන්වනවා.

    Last modified on ඉරිදා, 26 මැයි 2024 13:50

    Latest News