දෙහිවලදී කිලෝ 4ක හෙරොයින් සමඟ 6දෙනෙක්ට මාංචු

පෙබ 25, 2020

    දෙහිවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 290 ක් සමඟ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.

    අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙක් මාලදිවයින් ජාතිකයින් වන අතර, අනෙක් සිව් දෙනා ශ්‍රී ලාංකීකයන් වෙයි. අත්අඩංගුවට පත් පුද්ගලයින් සතුව තිබු මෝටර් රථ දෙකක් ද මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන් අවුරුදු 26 හා 28 වයස්වල පසුවන බව පොලිස් මූලස්ථානය පවසයි. සැකකරුවන් අද (25) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 09:14

    Latest News