කලුතර ආපනශාලා 14කට නඩු

පෙබ 25, 2020

    කලුතර ප්‍රදේශයෙ අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය ආපනශාලා 14කට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

    තවත් ආපන ශාලා 4ක් මුළුමනින්ම වසා දැමීමටයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියාකර තිබෙන්නේ. දර්ගා නගරය, අලුත්ගම,කලුවාමෝදර,මොරගල්ල යන ප්‍රදේශවල පවත්වාගෙන යන සංචාරක හෝටල් සහ ආපනශාලා ඊයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයට ලක්විය. මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් විසින් කරන ලද පැමිණිලිවලට අනූවයි, ඒවා පරීක්ෂා කෙරුණේ.

    මෙහිදී විෂ රසායන යොදන භාජනවල ආහාර අසුරන ලද අවන්හල් සඳහා මෙන්ම, පහළ මට්ටමක සනීපාරක්ෂාව සහිත මුළුතැන්ගෙයි සේවකයින් සිට ආපනශාලාවල හිමිකරුවන්ට ද වැඩි අවවාද සිදු කළේය. එමෙන්ම, ප්‍රමිතියකින් තොරව ශීතකරණවල මාංශ ගබඩා කර තිබූ ආපනශාලා ද මෙහිදී සොයා ගැනිණ. මෙම වැටලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 28 දෙනෙකු සහභාගී විය. වැටලීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 09:27

    Latest News