උතුරට ගිය ජනපති දුන් පොරොන්දුව

මැයි 24, 2024
    ‍‍‍උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
    දකුණු පළාතේ දීර්ඝ කාලීන අවශ්‍යතාවක් ඉටුකරමින් කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි ද, ජනාධිපතිවරයා සඳහන් කළා.
    යාපනය වෛද්‍ය පීඨයේ ඉදිකෙරුණු සායනික පුහුණු සහ පර්යේෂණ අංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද ‍එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    Latest News