සාමය අවශ්‍ය කර තිබේ

මැයි 28, 2024

    සියලු මාර්ග භාවිතා කරමින් සාමය සඳහා රුසියාවට බල කරන මෙන් යුක්රේන ජනපති බටහිර නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

    ඔහු මෙම ඉල්ලීම ක‍ළේ ස්පාඤ්ඤයේදීයි.

    මේ දින වල ස්පාඤ්ඤයේ සංචාරයක නිරත වෙමින් සිටින ජනපති සෙලෙන්ස්කි ඊයේ එරට පාර්ලිමේන්තුවේ නියෝජිතයින් මුණගැසුනා.

    කෙසේ වෙතත් මොස්කව් හමුදා ක්‍රිමියාව ඇතුළු සියලුම යුක්‍රේන ප්‍රදේශ වලින් ඉවත් වන තුරු රුසියාව සමඟ සෘජුව සාකච්ඡා නොකරන බව සෙලෙන්ස්කි දිගින් දිගටම පවසනවා.

    මේ දින වල කියෙව් දැඩි ආයුධ හිඟයකට මුහුණ පා සිටනවා. ඒ බටහිරින් ඔවුනට ලැබෙන අවි ප්‍රමාද වීම හේතුවෙන්.

    Latest News