අමෙරිකානු ජනපති මැදුරේ සැමරූ ජාත්‍යන්තර වෙසක් උළෙල

මැයි 28, 2024

    ජාත්‍යන්තර වෙසක් උත්සවය  අමෙරිකානු ජනාධිපති මන්දිරයේදී පසුගියදා පැවැත්වුණා. ඒ සඳහා ථෙරවාද ‍සහ මහායාන භික්‍ෂූන් වහන්සේ විශාල පිරිසක් වැඩම කිරීම විශේෂත්වයක්.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය, 1999 වසරේ දී  වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කළා. ජාත්‍යන්තර වෙසක් උත්සවය අමෙරිකාවේ ජනාධිපති මන්දිරයේ පැවැත්වූ සිව්වන අවස්ථාව මෙයයි.

    දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් නියෝජනය කරමින්, තානාපතිවරුන් ද මෙම අවස්ථාවට සහභාගි වුණා. ථෙරවාද බුදු දහම සුරක්‍ෂිතව පවතික එකම රාජ්‍යය වන ශ්‍රී ලංකාවටත්, ලොව බෞද්ධ ජනතාවටත් මෙම අවස්ථාව ගෞරවයක් බව, උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන හිමියන් මෙහිදී කියා සිටියා.

    අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ අමෙරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සභාපති වන්මෝර් ඩික්සි මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වුණා.       

    Latest News