ටෝනේඩෝවක් 15 දෙනෙකු එලොව ගෙන යයි

මැයි 27, 2024

    මධ්‍යම අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් හරහා හමා ගිය ටොනේඩෝ සුළි කුණාටුව හේතුවෙන්, 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    නිවාස රැසකට හානි සිදුවී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    සුළි කුණාටුව හමා ගොස් ඇත්තේ ටෙක්සාස්, ආර්කන්සාස්, ඔක්ලහෝමා සහ  කෙන්ටකි යන ප්‍රාන්ත හරහා බව බලධාරීන් පවසනවා.  ටෙක්සාස් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශවල පමණක් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

    එම පිරිසට ළමුන් දෙදෙනෙකු ද අයත් වනවා. ආර්කන්සාස් ප්‍රාන්තයේ ද 5 දෙනෙකු මියගියා. සුළි කුණාටුව හේතුවෙන් නිවාස ලක්ෂ 5 ක පමණ විදුලිය ද විසන්ධි වී තිබෙනවා. කැන්සාස් ප්‍රාන්තයේ විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් නිවාස 8000 කට පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා.

    Latest News