පැපුවා නිව්ගිනියාව මළගමක් වෙයි ?

මැයි 26, 2024
    පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැකපළ කර තිබෙනවා.

    පසුගිය සිකුරාදා දිනයේ අදාළ නායයාම සිදුවු අතර පුද්ගලයින් විශාල පිරිසක් සහ නිවාස රැසක් පස් කඳුවලට යටවී තිබුණා.

    මේ වනවිටත් ආදළ ස්ථානයේ ගලවා ගැනීමේ විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සදහන් වනව‍ා.
    කෙසේවෙතත් අදාළ ස්ථානයේ පරික්ෂණ සදහා ගොස් සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට අනුමාන කළ හැකි බවයි.
    නිවාස 150 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැළලී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා. 

    Latest News