කොවිඩ් 19 නිසා ලෝකය වංසගත තත්වයකට සූදානම් විය යුතුයි... ලෝක සෞඛ්‍ය සංවිධානය

පෙබ 25, 2020

    කොවිඩ් 19 වෛරසය නිසා ලෝකය වංසගතයකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    වසංගත තත්වයක් තවමත් උදා වී නැතත් ඊට සූදානම් වී සිටිය යුතු බවයි එම සංවිධානය පවසන්නේ. මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වන රෝගයක් නිසා හා එය ලෝකයේ රටවල් රැසකින් වාර්තාවීම හේතුවෙන් මෙම සූදානම වඩා වැදගත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ. දකුණු කොරියාව,ඉතාලිය හා ඉරානය යන රටවලින් වාර්තාවන රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

    චීනයේ නිල වාර්තාවලට අනූව රෝගීන් 77,000ක් පමණ සිටින අතර මියගිය පිරිස 2600 ඉක්මවයි. චීනයට පිටින් රටවල් 30කින් පමණ රෝගීන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1200කට අධිකයි. මරණ සංඛ්‍යාව ඊයේ දිනය වන විට 20 දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම රෝගය වැළදුණු අයෙක් මියයාමේ සම්භාවිතාව සියයට 1 -2 ත් අතර ප්‍රමාණයක් බවයි.

    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 08:29

    Latest News