විස්සයි - විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයකින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින 15ක් පමණයි.

ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වූ ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 141 ක් ලබාගැනීමට සමත්වුණා. 

විස්සයි - 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද (05) පැවැත්වෙනවා.

අයර්ලන්ත ක්‍රීඩක ජොෂ් ලිට්ල් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ නවසීලන්තය සමඟ දැන් පැවැත්වෙන තරගයේ දී.

ශඩාබ් ඛාන්ගේ තුන් ඉරියව් දස්කම් සමග දකුණු අප්‍රිකාව පරදා සුපිරි ජයක් ලැබීමට පකිස්ථානය සමත් වුනා.

ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සහ විරාත් කෝලිගේ විශිෂ්ඨ පිතිකරණය හේතුවෙන් බංගලාදේශය සමග පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ තෙවන ජය ලබන්නට ඉන්දියාව සමත් වුනා.

ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ‍ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත,නවසීලන්ත  තරගයෙන් ලකුණු 20ක ජයක් ලබාගන්නට එංගලන්තය සමත් වුනා.

තරගය පැවැත්වුණේ බ්‍රිස්බේන්හිදී. කාසිය වාසිය ජය ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

පන්දුවාර 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරග දෙකක් ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බන්හිදී අද (01) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ ඇෆ්ගනිස්ථානය සමගයි.

ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඊයේ (30) පර්ත් හිදී පැවැත්වුණා.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් බ්‍රිස්බේන් හීදී අද පැවැත්වෙනවා. ඒ, ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතරයි.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගයෙන් ජය වාර් තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අලස පිතිකරන රටාව නිසා දරුණූ පරාජයක් ලබන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

ශ්‍රී ලංකා සහ නවසීලන්තය අතර තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී. කාසිය වාසිය ජයගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය සිඩ්නි හිදී දැන් පැවැත්වෙනවා.

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය තරගය අද ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 01:30 ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර සුපිරි 12 වටයේ තරගය හෙට සිඩ්නි හිදී පැවැත්වෙනවා.

Latest News