ලබන වසරේ මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19 පහල ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සත්කාරක්වය දකුණු
අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඊයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයකු හා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ තණතීරු වල ක්‍රීඩා කර ජාත්‍යන්තර තණතීරුවලට මාරු වී ජයග්‍රහණ ලබා ගැනීම දුෂ්කර බවත් ඊට හේතුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ තරග සහ අනෙකුත් තරග ක්‍රීඩා කරන බොහෝ තණතීරු හොඳ තත්වයක නොතිබීම බවයි.
ලෝක රග්බි කවුන්සිලය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මේ වන විට පැවැත්වෙන පකිස්තාන සහ දකුණු අප්‍රිකා තරගයෙන් මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 4 කදී සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 270 ක් ලබාගැනීමට සමත්වුණා.
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි F64 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමිත දුලාන් සමත්වුණා.