ලක්මව රිදියෙන් සැරසූ  ආසියානු ශූරතා 400x4 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම

ජූලි 15, 2023

    ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400x4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ, තායිලන්තයේදී. අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, තරුෂි කරුණාරත්න සහ නදීෂා රාමනායක ශ්‍රී ලංකා කණ්ඩායම නි‍යෝජනය කළා. ඔවුන් ඉසව්ව අවසන් කළේ, මිනිත්තු 03, තත්පර 15.41ක කාලයක් වාර්තා කරමින්. එය, නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි, සටහන් වුණේ. ශ්‍රී ලංකාව එම තරගයේ රිදී පදක්කම දිනාගනිද්දී රන් පදක්කම හිමිකරගත්තේ, ඉන්දියාව විසින්. ලෝකඩ පදක්කම ජපානයට හිමිවුණා.

    Latest News