එක්සත් ජනපදය විදේශ ආධාර සැපයීම සීමා කිරීම හේතුවෙන් ලොව මිලියන 58ක ජනගහනයකට ආහාර, ඖෂධ ඇතුළු ජීවිතාරක්ෂක ආධාර අහිමිවීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන
පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තත්වය දැඩි මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය වියහැකි බවයි.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන වැඩිදුරටත් පවසන්නේ පෙර වසරට සාපේක්ෂව, මෙම වසර තුළ අරමුදල් ලැබීම සියයට 40 කින් පහත වැටී ඇති බවයි.
දේශගුණික විපර්යාස හා යුද ගැටුම් හේතුවෙන් මානුෂිය ආධාර ලබාදීමේ අවශ්යතාවය තවදුරටත් ඉහළ යා හැකි බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.
පවතින තත්වය හමුවේ මිලියන 300 කට අධික ජනකායක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ පා සිටින අතර පසුගිය වසරේදි මෙම වැඩසටහන මඟින් ලොව රටවල් 80 ක, මිලියන 120 ක පමණ ජනතාවකට ආහාරමය ආධාර ලබා දී තිබෙනවා.