අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු කොටු

අප්‍රේ 11, 2025
    ගෙවල් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ සඳහා අවශ්ය කර සිටි සැකකරුවෙකු සොරකම් කරන ලද දේපල සමග ඊයේ (10) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    බියගම, ආයෝජන කලාප ප්රදේශයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන දෙල්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
     
    සැකකරුගෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී බියගම, කිරිබත්ගොඩ, කඩුවෙල, වැලිවේරිය හා අවිස්සාවේල්ල පොලිස් වසම් වල ගවෙල් බිඳ දේපල සොරකම් රැසක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර සොරකම් කරන ලද රූපවාහිනී යන්ත්ර 02 ක්, පරිඝණක යන්ත්රයක්, උණු කරන ලද රත්තරන් ගුලි 05 ක්, ගෑස් සිලින්ඩරයක්, රෙදි සෝදන යන්ත්රයක් සහ ශීතකරණයක් පොලිස් භාරයට ගෙන ඇත.
     
    බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

    Latest News