සිංහයෝ අද සටනට සූදානම්

ජූලි 13, 2023

    නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය කොළඹ දී අද ආරම්භ වනවා.ආසියානු ක්‍රිකට් කවුන්සිලය මගින් තරගාවලිය සංවිධාන කරනවා.

    අද සිට 23 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් සහභාගිවීමට නියමිතයි.

    කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් තරගාවලියට සහභාගි වන අතර සත්කාරක ශ්‍රී ලංකාවට අමතරව A කොටසින් බංග්ලාදේශය , ඇෆ්ගනිස්ථානය හා ඕමානය තරග වදිනවා. B කොටසින් ඉන්දියාව , පාකිස්ථානය , නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගාවලියට සහභාගි වෙනවා.

    කොළඹ එස්. එස්. සී ,සී. සී. සී , පී. සරා හා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගන වලදී තරගාවලිය පැවැත්වෙනවා.

    තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දුනිත් වෙල්ලාලගේ. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ඒ කණ්ඩායම් අතර තරගය අද කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

    ඕමාන සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් තරග වදින්නේ සී සී ක්‍රීඩාංගණයේදී.තරගාවලියේ අවසන් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ජුලි මස 23 වනදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

    Latest News