ග්රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්රදේශයේ දී ඊයේ (17) රාත්රියේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 22 සහ 28 යන වයස්වල ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.