වසරේ සම්මානනීය නාලිකාවේ අභිමානය සමගින්, ජාතික රූපවාහිනියට රයිගම් ටෙලිස් සම්මාන 12ක්

මාර් 30, 2025
    2024 රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ දී වසරේ සම්මානනීය නාලිකාව ලෙස ජාතික රූපවාහිනිය, සම්මානයට පාත්ර වුණා.
    එහිදී ජාතික රූපවාහිනියට හිමිවු සම්මාන සංඛ්යාව 12 ක්. ?
     
    වසරේ විශිෂ්ටතම ටෙලි නාට්ය ලෙස ජාතික රූපවාහිනියෙන් විකාශය වු වියළි ටෙලි නාට්යයට සම්මාන 7 ක් හිමිවීම විශේෂත්වයක්.
     
    රයිගම් ටෙලීස් සම්මාන උලෙළ උත්කර්ෂවත් අයුරින් කොළඹ ෂැංග්රිලා හෝටල් පරිශ්රයේදි ඊයේ රාත්රී පැවැත්වුණා. එය මෙවර සංවිධාන කෙරුණේ 21 වැනි වරටයි.
     
    ? මෙහිදී වසරේ විශිෂ්ටතම ක්රීඩා වැඩසටහන සම්මානයට පාත්ර වුයේ ජාතික රූපවාහිනියේ ජයමිණි ඉලේපෙරුම අධ්යක්ෂණය කළ "ක්රිකට් ගමට" වැඩසටහනයි.
     
    ? වසරේ විශිෂ්ටතම රූපවාහිනි වැඩසටහන සම්මානය සුමින්ද තිලකසේන අධ්යක්ෂණය කළ "සංයුග" සඟරාමය වැඩසටහන සඳහා හිමිවුණා.
     
    ? ජාතික රූපවාහිනියෙන් විකාශය වු "වාරේ", වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහනයි. එය අධ්යක්ෂණය කළේ අසේල බණ්ඩාරනායකයි.
     
    ? වසරේ විශිෂ්ටතම දෙමළ සම්ප්රවේශක ලෙස නේත්රා ටීවි නාලිකාවේ ප්රනීතා කෝනේෂ්වරම් සම්මාන දිනාගත්තා.
     
    ?2024 රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදි වසරේ විශිෂ්ටතම ටෙලි නාට්ය ඇතුළු සම්මාන 7 කින් පිදුම් ලැබීමට සමත් වුයේ ජාතික රූපවාහිනියෙන් විකාශය වු "වියළි" ටෙලි නාට්යයයි.
     
    ? වසරේ විශිෂ්ටතම ටෙලි නාට්ය ලෙස "වියළි" ටෙලි නාට්යයට හිමිවු සම්මාන ලබාගත්තේ දිලූපා නිරෝෂනිද අල්විස්.
     
    ? වසරේ විශිෂ්ටතම ටෙලි නාට්ය අධ්යක්ෂණය සඳහා වු සම්මානය හිමිවුයේ "වියළි" ටෙලි නාට්ය අධ්යක්ෂණය කළ චන්දන ඉරුගල්බන්ඩාරටයි.
     
    ? වසරේ විශිෂ්ටතම ටෙලි නාට්ය නිළිය ලෙස "වියළි" ටෙලි නාට්යයේ රඟපෑ තරින්දි ප්රනාන්දු සම්මානයට පාත්ර වුණා.
     
    ?විශිෂ්ටතම සහය නළුවා සරත් කොතලාවලයි. ඔහුටද එම සම්මානය හිමිවුයේ "වියළි" ටෙලි නාට්යයේ රංගනය වෙනුවෙන්.
     
    ? "වියළි" ටෙලි නාට්යයේ රංගනය වෙනුවෙන් හොඳම ටෙලි නාට්ය සහය නිළිය ලෙස චන්දිමා කරුණාදාස සම්මානයට පාත්ර වුණා.
     
    ? විශිෂ්ටතම ටෙලි නාට්ය ගායකයා වුයේ තුසිත සිම්සන්. ඒ "වියළි" ටෙලි නාට්යයේ තේමා ගීතය ගායනය වෙනුවෙන්.
     
    ? "වියළි" ටෙලි නාට්යයේ සිලිදු රංවල ජුරියේ විශේෂ කුසලතා ඇගයීම් සම්මානයකින් පිදුම් ලැබුවා.
     
    ජනප්රියතම ටෙලි නාට්ය ඇතුළු සම්මාන 11 ක් හිමිකරගනිමින් 2024 රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදි වසරේ සම්මානනීය නාලිකාව ලෙස පිදුම් ලැබුවේ ජාතික රූපවාහිනියයි.
     
    ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වය එම සම්මානය ලබා ගැනීමට එක්වුණා.
     
    Last modified on ඉරිදා, 30 මාර්තු 2025 16:01

    Latest News