ගන්දර පොලිස් වසමේ සිංහාසන පාර ප්රදේශයේදී ඊයේ (21) රාත්රී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් වෙඩි තබා පලාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28 හා 29 වයස්වල පසුවන දෙවිනුවර ප්රදේශයේ පදිංචිකරුවන්.
වෙඩි
තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයක් ගන්දර පොලිස් වසමේ වැල්ලමඩම හන්දියේදී ගිනි තබා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.