පදක්කම් ලැබුවෝ ලක් මව රනින් සැරසූවෝ

ජූලි 18, 2023

    තායිලන්තයේ බැංකොක් නුවර පැවති 25 වැනි ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දිනා දුන් ජයග්‍රාහී මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.

     ඔවුන් මෙම තරගාවලියේ දී රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03  ක් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

    එහිදී මීටර් 800 කාන්තා , සහාය දිවීම මීටර් 400 × 4 සහ මීටර් 400 කාන්තා යන ධාවන ඉසව් වලදී රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

     එසේම මිශ්‍ර සහාය දිවීම මීටර් 400 × 4 සහ කාන්තා සහාය දිවීම මීටර් 400 × 4 ධාවන ඉසව් වලදී රිදී පදක්කම් සහ මීටර් 800 කාන්තා , හෙල්ල විසි කිරීම කාන්තා සහ මීටර් 1500 යන තරග ඉසව් වලදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමද විශේෂත්වයක්.

    එසේම මීටර් 800 කාන්තා , පිරිමි මීටර් 400 × 4  සහාය දිවීම , මිශ්‍ර සහාය දිවීම මීටර් 400 × 4 , කාන්තා සහාය දිවීම මීටර් 400 × 4 සහ හෙල්ල විසි කිරීම කාන්තා යන ඉසව් වලදී ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට මෙම තරගාවලියේ දී මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට හැකි වී තිබුණා.

     මෙම ජයග්‍රාහී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ , ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ, ශ්‍රී ලංකා යුධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා අංශයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් පැමිණි සිටියා.

     

    Latest News