තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ජූලි 22, 2023

    ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවෙකු වන ලහිරු තිරිමාන්න සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

    ලහිරු තිරිමාන්න සිය මුහුණු පොතට සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා. 33 වැනි වියේ පසු වන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44 ක්, එක්දින තරග 127 ක්, 20-20 තරග 26 ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. ඔහු ටෙස්ට් ශතක 03ක් ටෙස්ට් අර්ධ ශතක 10 ක් එක්දින ශතක 4 ක් සහ එක්දින අර්ධ ශතක 21 ක් ලබා ගෙන තිබෙනවා. 2014 පන්දුවාර 20-20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වන ලහිරු තිරිමාන්න එම වසරේ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළා.

    Latest News