Menubar

2028 ජනාධිපති අපේක්ෂකයා අත්අඩංගුවට

මාර් 24, 2025
    2028 වසරේ තුර්කියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටි ඉස්තාන්බුල් නගරාධිපති එක්රෙම් ඉමාමොග්ලු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙන්.

     ඔහු, ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන්ගේ ප්රධාන ප්රතිවාදියායි.

    එක්රෙම් ඉමාමොග්ලු අත්අඩංගුවට නොගෙන රඳවා තබා ගැනීම නිසා දශකයකට වැඩි කාලයක් තුළ විරෝධතා කිහිපයක් ඇති වුණා.
     
    ඊයේ පැවති ඡන්ද විමසීමකදී ඔහු රිපබ්ලිකන් මහජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තේරී පත් වීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.
     
    දූෂණ චෝදනා ප්රතික්ෂේප කරන එක්රෙම් ඉමාමොග්ලු පවසන්නේ එය දේශපාලනික වශයෙන් එල්ල කරන චෝදනා බවයි.
     
    පසුගිය දින කිහිපයේ තුර්කි රජය ඔහු රඳවාගෙන සිටියේ නිසි පරිදි චෝදනාවලින් තොරවයි.
     
    තුර්කි ජනාධිපතිවරයා පවසන්නේ, විපක්ෂය සාමය කඩාකප්පල් කිරීමට සහ ජනතාව උසිගැන්වීමට උත්සාහ දරන බවයි.
     
    පසුගිය බදාදා තුර්කි රජය, විමර්ශනයක් සඳහා දේශපාලනඥයින්, මාධ්යවේදීන් සහ ව්යාපාරිකයින් ඇතුළු 100 දෙනෙකුට අධික පිරිසක් රඳවා තබා ගත්තා.
     
    අනතුරුව ඊයේ විධිමත් ලෙස එක්රෙම් අත්අඩංගුවට ගනු ලැබුවා.
     
    "අපරාධ සංවිධානයක් ස්ථාපිත කිරීම සහ කළමනාකරණය කිරීම, අල්ලස් ගැනීම, කප්පම් ගැනීම, නීති විරෝධී ලෙස පෞද්ගලික දත්ත පටිගත කිරීම සහ ටෙන්ඩරයක් වංචා කිරීම" යන චෝදනා ඔහුට එල්ල කර තිබෙනවා.
     
    ඉමාමොග්ලු නගරාධිපති ධුරයෙන් ද නෙරපා දැමූ බව තුර්කියේ අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

    Latest News