දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේ දී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු පසුගියදා (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගන්දර පොලිස් වසමේදී.
වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයට ඔවුන් විසින්ම ගිනි තබා අනර්ථය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගන්දර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසන්නේ.
සැකකරු දෙවිනුවර ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.