ප්‍රබලයින් දෙදෙනෙක් අතර තීරණාත්මක සාකච්ඡාවක්

මාර් 18, 2025
    යුක්රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතයි.

    එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.

    කෙසේවෙතත් යුක්රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබෙනවා.
     
    අද දිනයේ ව්ලැද්මීර් පුටින් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා රුසියානු - යුක්රේන සාම ගිවිසුම ක්රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බව ඩොනල්ඩ් ට්රම්ප් පවසා ඇත.

    Latest News