නදීෂා ලක්මව රනින් සරසයි

ජූලි 13, 2023

    ආසියානු ශූරතා මළළ ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට නදීෂා රාමනායක මීට ටික වේලාවකට පෙර සමත්වුණා.

    ඇය තරගය සඳහා ගත කළ කාලය තත්පර 52.61ක්. එය නදීෂා රාමනායක මීටර් 400 ධාවන ඉසව්ව සඳහා වාර්තාකළ හොඳම කාලයද වනවා. තරගාවලියේදී ශ්‍රී ලංකාව ඊයේ ලෝකඩ පදක්කම් 02ක් හිමිකරගත්තා. ආසියානු ශූරතා මලළ ක්‍රීඩා තරගාවලය තායිලන්තයේදී පැවැත්වෙනවා.

    Latest News