50,000කට දිවි අහිමි කළ යුද ගැටුම

මාර් 24, 2025

    ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්ගේ තහවුරු කළ අගය 50,000 ඉක්මවා තිබෙනවා.

    බලධාරීන් පවසන්නේ තහවුරු නොකළ සහ සුන්බුන් වලට යටවූ තවත් බොහෝ පිරිසක් ඇති බවයි.

    ඊයේ දිනය වන විට නිල වශයෙන් තහවුරු මරණ සංඛ්යාව - 50,021 බවයි වාර්තා වන්නේ.
     
    එම අගය ගාසා ප්රදේශයේ යුද්ධයට පෙර ජීවත්වෟ මිලියන 2.3 ක ජනගහනයෙන් 2.1% ක් පමණ වනවා.
     
    මේ අනුව ඊශ්රායල ප්රහාර නිසා ගාසා තීරයේ සෑම පුද්ගලයින් 46 දෙනෙකුගෙන් 1 ක් මියගොස් තිබෙනවා.
     
    එම කාලය තුළ තවත් පුද්ගලයින් 113,274 ක් තුවාල ලබා ඇති බවයි ගාසා සෞඛ්ය අමාත්යාංශය පැවසන්නේ.
     
    පසුගිය නොවැම්බර් මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පැවසුවේ මාස හයක කාලයක් තුළ මියගිය පිරිසෙන් 70% කට ආසන්න ප්රමාණයක් කාන්තාවන් සහ ළමුන් බවයි.
     
    පසුගිය ජනවාරි මාසයේදී, ලැන්සෙට් වෛද්ය සඟරාව අධ්යයනයක් ප්රකාශයට පත් කළ අතර එයින් යෝජනා වූයේ මරණ සංඛ්යාව ගාසා සෞඛ්ය අංශ විසින් වාර්තා කරන ලද නිල සංඛ්යාලේඛනවලට වඩා සැලකිය යුතු ලෙස වැඩි විය හැකි බවයි.
     
    පසුගිය පැය 24 තුළ අවම වශයෙන් මරණ 39 ක් වාර්තා වී තිබෙනවා.
     
    පසුගිය අඟහරුවාදා එම ප්රදේශයේ ඊශ්රායලය සිය හමුදා මෙහෙයුම් නැවත ආරම්භ කළ දා සිට මියගිය මුළු සංඛ්යාව 673 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්ය පවසන්නේ.

    Latest News