බර උසුලා රටම රනින් බබළවයි

ජූලි 15, 2023

    2023 ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ජ්‍යෙෂ්ඨ කාන්තා කිලෝග්‍රෑම් 76 කාණ්ඩයේ රිදී පදක්කමක් දිනා ගැනීමට අශිනි සුරංගි වික්‍රමසිංහ සමත් වුණා.

    මේ අතර කිලෝ ග්‍රෑම් 76 බර පන්තියේ ලෝක පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සංජනා වෙදආරච්චි සමත්වුණා.

    ඊයේ දිනයේදී චින්තන ගීතාල් විදානගේ රිදී පදක්කමක් දිනාගත් අතර ඉන්දික දිසානායක ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තා.

    කනිෂ්ක අංශය නියෝජනය කළ මලීෂ දිල්ශාන් කරුණාරත්න රන් පදක්කමක් හිමි කර ගත්තා.

    තරඟාවලියේ ප්‍රථම දිනයේ දී කිලෝ 45 කාන්තා බර පන්තියෙන් ශ්‍රිමාලි සමරකෝන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදෙද්දී කිලෝ 61 පිරිමි බර පන්තියේ දී කමල් එගොඩවත්ත තවත් රිදී පදක්කමක් දිනා ගන්නට සමත් වුණා.

    මීට අමතරව තරගාවලියේ දී 49kg කනිෂ්ඨ පිරිමි බර පන්තිය නියෝජනය කළ ආර්. ඩබ්ලිව්. එම්. රශ්මිත, 61kg කනිෂ්ඨ පිරිමි බර පන්තිය නියෝජනය කළ අංජු ද සිල්වා,55kg බර පන්තිය නියෝජනය කළ ,කේ.බී. වෙනුර ,55 kg කනිෂ්ඨ පිරිමි බර පන්තිය නියෝජනය කළ ටී. එම්.එන්. එස්. දිසානායක සහ 45 kg කණිෂ්ඨ කාන්තා බර පන්තිය නියෝජනය කළ කෝෂියා තෙරුමාන් තම ඉසව් වලදී ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වුණා.

    Latest News