ප්රංශ දක්ෂිණාංශික ජනතා නියෝජිතවරියක වන Marine Le Pen හට පැරිස් අධිකරණයක් ලබා දුන් දඬුවමට එරෙහිව අභියාචනා කරන බව, ඇගේ නිතීඥයින් පවසනවා.
Marine Le Pen පවසන්නේ, මෙම තීන්දුව මුළුමනින්ම දේශපාලනික බවයි.
ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති අතර, පසුව එම සිරදඞුවම නිවාස අඩස්සියේ රැඳවීමෙන් සහ දේශපාලන කටයුතුවල නිරත වීමෙන් බැහැරව කිරීම තහනම් කිරීමෙන් ගෙවී යන ලෙස ලබා දී තිබෙනවා.
එසේම 2027 දී ජනාධිපති ධුරයට තරඟ කිරීම ද "Marine Le Pen"ට තහනම් කර ඇති බවයි, විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
ඇයට එල්ල වී ඇති ප්රධාන චෝදනාව නම් යුරෝපා සංගමයේ අරමුදල් අවභාවිත කිරීමයි.
ඊයේ පැවති නඩු විභාගයේ දී වැරදිකරුවන් වූ අනෙක් අයට මාස 12 සිට අවුරුදු තුන දක්වා වෙනස් වන දඬුවම් සහිතව සිර දඬුවම් නියම කර තිබෙනවා.
අධිකරණ තීන්දුවේ කොටසක් ලෙස, අරමුදල් රාජසන්තක කෙරුණු අතර, ඇයට සහ යුරෝ මිලියන 2 ක දඩයක් ගෙවීමට ද නියම වුණා.