හික්කඩුවේ වෙඩිතැබීමේ සිද්ධියට අනුබල දුන් අයෙක් අල්ලයි

අප්‍රේ 08, 2025
    හික්කඩුව, කුමාරකන්ද ප්රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධියට අදාල සැකකරුවෙකු ඊයේ (07) දින අත්අඩංගුවට ගෙන ඇත.
     
    මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්රථිකාර ලබමින් සිටියදී පිරිමි පුද්ගලයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
    ඒ අනුව මෙම ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හික්කඩුව, ගිනිමැල්ලගමහ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
     
    සැකකරු වයස අවුරුදු 23ක් වන ගෝනපීනුවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
     
    හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

    Latest News