රාමසාන් උත්සවයට ජනපතිගෙන් සුභාසිංසන

මාර් 31, 2025
    රාමසාන් උත්සවය, පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස්වී පරිත්යාගය සහ අල්පෙච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටීමේ වැදගත්කම බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පෙන්වා දෙනවා.

    ජනාධිපතිවරයා මේ බව කියා සිටින්නේ, රාමසාන් උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.

    දියුණු ශ්රී ලංකාවක් පිළිබඳ මෙරට ජනතාව තැබූ අපේක්ෂා මල්ඵල ගන්වමින් නිදහස, සමානාත්මතාව, සාමූහිකත්වය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැගීමට අප තබන පියවරේදී ඉල්ලාම් දහමේ ඉගැන්වීම පරාමාදර්ශයක් වන බවද ජනාධිපතිවරයා පවසනවා.
     
    මහජන මුදල් සහ රාජ්ය දේපල විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්යාගය සහිත අනෙකාගේ සංවේදනා හමුවේ සංවේදී වන සහකම්පනීය දේශපාලන සංස්කෘතියක් සහ පුරවැසි සමාජයක් රට තුළ ගොඩනැගීමට අප දරන උත්සහයේදී රාමන් සමයේ භාවිතය මහගු ආදර්ශයක්.
     
    ආත්මාර්ථය වෙනුවට පරාර්ථය ප්රකට කරන්නාවූ ඊදුල් ෆීතර් උත්සවය සමරන ශ්රී ලජකාවාදී සහ ලෝකවාසී ඉල්ලාම් බැතිමතුන්ට කෘතඥතාව පුද කරන බව ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් කියා සිටිනවා.

    Latest News