ආසියානු ක්‍රීඩා උළෙලට ලංකාවෙන් රග්බි කණ්ඩායමක් නැද්ද ?

ජූලි 27, 2023

    පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රජය සමගත්, ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළු රග්බි ක්ෂේත්‍රයේ පිරිස් සමගත් ජාත්‍යන්තර රග්බි සම්මේලනය සිදුකළ සාකච්ඡාවල ප්‍රගතිය සලකා බැලීමෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ අවසරය හිමිව තිබෙනවා.

    පරිපාලනයේ ඇති ගැටළු නිසා ක්‍රීඩකයින්ට අගතියක් සිදුනොවිය යුතුයි යන ස්ථාවරයේ සිට ජාත්‍යන්තර ‍රග්බි සම්මේලනය මෙම තීරණය ගත් බවයි ඔවුන් නිකුත් ක්ළ නිවේදනයේ සඳහන් වන්නේ.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ධජය යටතේ ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි ඉසව්වට සහභාගී වීමට හැකිවන්නේ නැහැ.

    ඒ ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර රග්බි තහනම තවමත් ක්‍රියාත්මක වීම හේතුවෙන්.

    ඒ අනුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ජාතික ඔලිම්පික් කමිටුවේ ධජය යටතේ හෝ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ධජය යටතේ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සිදුවන බව ජාත්‍යන්තර රග්බි සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News