පාළු ඉඩකම සැඟවූ ගිනි අවිය

මාර් 28, 2025
    බඳුරලිය පොලිස් වසමේ කෙලින්කන්ද මාර්ගයේ පාළු ඉඩමක වළ දමා තිබූ පිස්තෝල අවියක් සහ එම පතොරම් ගැබ් 02 ක් හා පතොරම් 05 ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

    ඊයේ (27) සවස් කාලයේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබුණා.

    මෙම පිස්තෝල අවිය හා පතොරම් මෙම ස්ථානයේ සැඟ වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
     

    Latest News